Sunday, January 16, 2011

ලෝකෙ හොඳම පොලිසිය

ඔන්න දවසක් ලෝකෙ හොඳම පොලිසිය තෝරන්න තරඟයක් තිබ්බලු.මේකට ලෝකෙ ගොඩක් රටවල් වලින් පොලිසි එවලා තිබ්බලු.අපේ ලංකාවෙ පොලිසියත් මේකට ඉදිරිපත් උනාලු.
මේ තරඟෙදි කැලේට හාවෙක් දානවලු. ඊට පස්සෙ ඌව හොයන්න චාන්ස් එකක් දෙනවලු. අදාල කාලෙ ඇතුලත ඌව යම් කිසි පොලිසියක් හොයාගත්තොත් ඒක තමයි හොඳම පොලිසිය.
ඔන්න ඉතිං ඇමරිකාවෙ පොලිසිය තමයි මුලින්ම වැඩේට බැස්සෙ. කට්ටිය දන්න කියන වැඩ කිඩ ඔක්කොම දාලා හාවව හොයන්න ගත්තා. නියමිත කාලෙ නම් ඉවර උනා ඒත් හොයා ගත්ත හාවෙක් නම් නෑ.
ඊට පස්සෙ රුසියාවෙ, ඕස්ට්‍රේලියාවෙ ඔය විදිහට එක එක රටවල පොලිසි වැඩේට බැස්සත් හැමෝටම හිස් අතින් තමයි එන්න සිද්ද උනේ.
අන්තිමේදි ඉතුරුවුනේ ලංකාවෙ පොලිසිය.
ඔන්න ඉතින් ලංකාවෙ පොලිසියෙ රාල්හාමිලා ටිකත් වැඩේට බැස්සා.
වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න අර රාලහාමිලා ටික බොහොම අමාරුවෙන් තඩි වලහෙක්ව කරතියන් එනවා.
දැන් නිරීක්ෂණයට හිටපු අයත් පුදුම වෙලා බලන් ඉන්නවා. මේ මොකද කියලා.
ඔන්න රාලහාමිලා අර වලස් තඩියව බිමින් තිබ්බා. ඒත් වලහා සද්ද නෑ. එක රාලහාමි කෙනෙක් අතේ තිබ්බ බැටන් පොල්ල අරන් වලහට හොඳවැයින් පාරක් දුන්නා. මෙන්න ඒපාර වලහා කතා කරනවා.
වලහා කියනවලු "මං හාවෙක්, මං හාවෙක් " කියලා.

3 comments: