Tuesday, December 29, 2020

ලෝන් එකකයි ලීසිං එකකයි ප්‍රධාන වෙනස

ලෝන් එකක් ගන්න එකෙයි ලීසිං එකක් දාන එකෙයි ලොකු වෙනසක් නෑ වගේ පිටින් පෙනුනට ගත්ත ණය ආපසු ගෙවනකොට ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා.

ඒක පැහැදිලි කරගන්න උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 25ක මුදලක් 12.5% පොලියට අවුරුදු 5ක කාලයකට ගත්ත ණයක් ගැන හිතමු.

සමාන මාසික වාරික වලින් ගෙවනවන්ම් මාසික වාරිකය රුපියල් 56,244.85ක් වෙනව. අවුරුදු 5 ඉවර වෙද්දි ගෙවන සම්පූර්ණ මුදල රුපියල් 3,374,690.73ක් වෙනව. ගනනය කිරීම පහල ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්


ඔයා අරන් තියෙන්නෙ ලීසිං එකක් නම් රුපියල් ලක්ෂ 25 ලබාගනිද්දිම ඔයා එකඟ වෙනව අවුරුදු 5 ඇතුලත රුපියල් 3,374,690.73ක මුදලක් ආපසු අදාල සමාගමට ගෙවන බවට. ඒ කියන්නේ ඔයා ලීසිං එක දැම්ම දවසට පස්සෙ දවසෙම ඒ ලීසිං එක settle කරන්න හැදුවත් ඔයාට රුපියල් 3,374,690.73ක මුදලක් ගෙවන්න සිද්ද වෙනව (අදාල ශාඛාව සමග කථා කරල පොඩි ඩිස්කවුන් එකක් ගන්න පුලුවන් වෙයි )

අපි හිතමු ඔයා වාරික 10ක් (රු. 562,448.50) ගෙවල ලීස් එක settle කරන්න හදනව කියල. එතකොට ඔයාට ලීස් එක settle කරන්න ගෙවන්න ඕන ගාන වෙන්නෙ රුපියල්  2,812,242.23 (3,374,690.73 - 562,448.50). අදාල ශාඛාවෙ කළමණාකරු සමග කතාකරල පොඩි discount එකක් ගන්න පුලුවන් වෙයි. ඒත් අඩුම ගානෙ ලක්ෂ 27ක් වත් ගෙවන්න වෙනව.

අපි හිතමු ඔයා අරන් තියෙන්නෙ ලෝන් එකක්නම් සහ මුල් වාරික 10 ගෙවල settle කරන්න හදනව කියල. එතකොට මේ වෙද්දි ඔයාගෙ remaining principle amount එක වෙන්නෙ රුපියල් 2,183,409.94ක් (මේකත් උඩ ලින්ක් එකෙන්ම ගිහින් installment details එකෙන් බලාගන්න පුලුවන්) නිසා ඒ amount එකට 4%ක වගෙ පොලියක් එකතු කරල රුපියල් 2,270,746.34 ක වගේ මුදලක් settlement එකට ඔයාට ගෙවන්න වෙයි.

ණයක් ගන්න ඕනනම්, ගන්න ගියාම ටිකක් කරදර උනත් ලීසිං එක්කට යනවට වැඩිය ලෝන් එක්කට යන එක තමා කෝකටත් හොද කියන එක තමා මගෙනම් අදහස