Friday, February 4, 2011

බූසු ගැන දිනමිණත් කියයි

ලොව අඩුම පිරිසක් කතා කරන භාෂාව ගැන අලුත් ලිපියක් දිනමිණ සිතිජය අතිරේකයේ පලවී තිබුනා. මේ ඒ ලිපියයි.

අට දෙනෙක් කතා කරන පණ අදින භාෂාව

පිරිමින් වර්ණවත් සරොම් ඇඳ උඩුකය නිරුවතිනි. වූල්වලින් ගොතන ලද හිස් වැසුමක් සෑම වැඩිහිටි පිරිමියෙකුගේ ම හිස සරසා ඇත. ස්ත්‍රීන් උඩුකයට වර්ණවත්, ඝනකම රෙදි කැබැල්ලක් සහ යටි කයට පුරුෂයන් සේම අතිශය වර්ණවත් දිගු රෙද්දකින් සැරසීගෙන ය. ගෝත්‍රයේ ප්‍රධානියා පමණක් සුදු පැහැති මාලයක් පැළඳ උඩුකය සරුවාලයක් වැනි කමිසයකින් වසා ගෙන ය.

මොවුන් ගේ නිවාස තනා ඇත්තේ මැටියෙනි. නිවාස සියල්ල ම ප්‍රමාණයෙන් කුඩා ය. වහලට පිදුරු දමා ඇති අතර නිවාසවල ඇතුළත පිරිසිදු ය. නිතොර සිනාමුසු මුහුණින් සිටින්නෝ ලෝකයෙන් වඳ වී යන භාෂාවක් කතා කරන්නෝ ය. බුසු යනු මේ අවාසනාවන්ත භාෂාවයි.

කැමරූන් රාජ්‍යයේ වෙසෙන මොවුන් අයිති වන්නේ ෆුරු අවා නම් ග්‍රාමයටයි. නැන්ග්නා නම් උප සංස්කෘතියට අයත් මොවුන්ගෙන් මේ වනවිට බුසු භාෂාව කතා කළ හැක්කේ අට දෙනෙකුට පමණි. 2005 වන විට ඒ සංඛ්‍යාව තිදෙනා දක්වා අඩු වී ඇතැයි යම් මතයක් තිබුණත් එය අවිනිශ්චිත ය. සාමාන්‍ය භාවිතය අනුව තවමත් එය අට දෙනෙකු බවට ලෝකය පිළිගෙන ඇත.

භාෂාවක් මෙලෙස වඳවීමේ තර්ජනයට එසේත් නැත්නම් මළ භාෂාවක් බවට පරිවර්තනය වීමට බොහෝ හේතු සාධක තිබිය යුතු ය. සාධාරණ පළමු නිගමනය විය හැක්කේ නොසලකා හැරීමයි. නැන්ග්නාවරුන්ව ලෝකයා විසින් අමතක කර දමා තිබුවා විය හැකිය. ගොවිතැන ප්‍රධාන රැකියාව කර ගත් මේ ජන සමාජය දැන් දැන් වේගවත් නාගරීකරණයට ලක්ව ඇති බව නම් පෙනීයයි.

මුළු මහත් ලෝකයට ම අමතකව තිබී හදිසියේ මතක් වූ බුසු භාෂාව දැන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ උගන්වයි. ඹඹඹ.ඡභඵභභ.ජධථ වෙබ් අඩවිය තනා ඇත්තේ ඒ වෙනුවෙනි. වඩාත් වැදගත් අදහස වන්නේ ඕනෑම අයෙකුට නොමිලේ මෙය උගත හැකි වීම ය. බාගත කර ගත හැකි ආකාරයේ පාඩම් මාලා මෙන් ම වීඩියෝ පාඩම් මාලා ද මෙහි ඇතුළත් ය.

විවිධාකාර වූ සම්මාන සඳහා යෝජනා වී ඇති බුසු වෙබ් අඩවිය වඩාත් ජනපි‍්‍රය බුසුවරුන් ගායනා කරන ගීතය හේතුවෙනි.

යූ ටියුබ් මගින් මෙන්ම සියලුම සමාජශීලී වෙඩ් අඩවි මඟින් ප්‍රසිද්ධ වී ඇති බුසු ගීතය වඳ වී යන භාෂාව පිළිබඳ කදිම චිත්‍රයක් මවා පාන අතරම වෙළෙඳ භාණ්ඩයක් ලෙස භාෂාවක් වුවද විකිණිය හැකි බවට කදිම සාක්ෂියක් සපයයි.

භාෂාවක් වඳ වී යා නොදී සුරැකීම වඩාත් පැසසුම් ලැබිය යුතු කාරණයකි. එහෙත්, එකී භාෂාව සුරැකීමට ගමන් ගන්නා මාර්ගයේ තිබෙන අනපේක්ෂිත මැදිහත් වීම් පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුය.

භාෂාවක් සුරැකීමට ලෝකයාටම එම භාෂාව ඉගැන්වීම පමණක් නොසෑහේ. එකී ගෝත්‍රය හෝ ජන සමාජය පුළුල් වශයෙන් පැතිරීමට අවශ්‍ය කරුණු කාරණා සැලසිය යුතුය.

ජාත්‍යන්තර භාෂා වර්ෂය නිමිත්තෙන් යුනෙස්කෝව මඟින් පවත්වන ලද වැඩසටහනකට ද බුසු වෙබ් අඩවිය තෝරා ගෙන තිබේ. බුසු වෙබ් අඩවියට සමගාමීව තනන ලද “බුසු” සුරැකිමු ෆේස්බුක් පිටුවේ සාමාජිකයෝ දස දහස් ගණනකි.

බුසු භාෂාව කතා කරන අවසන් සාමාජිකයන් අට දෙනා වෙනුවෙන් තැනුණු පෞද්ගලික ෆේස්බුක් ලිපින ද වේ. දියුණුව කෙතරම් ද යත් මින් සාමාජිකයන් කිහිප දෙනෙකුට ද ඉංගී‍්‍රසි භාෂාව සමඟ ගනුදෙනු කළ හැකි ය.

එහෙත් මේ ෆේස්බුක් ලිපින ඔවුන් වෙනුවෙන් කවුරුන් හෝ පවත්වාගෙන යන ඒවාදැයි නිශ්චිතවම කිව නොහැකි ය. එසේ වන හෙයින් ඔවුන්ගේ ඉංගි‍්‍රසි දැනුම පිළිබඳ කිසිවකුට සහතික විය නොහැක.

මේ අපූරු අට දෙනා පිළිබඳ වද යම් හැඳින්වීමක් කිරීම සාධාරණ ය. කසාරා අග්බැන්ග් මුන්ග් ගොවියෙකි. ඔහු විවාහ වී සිටින්නේ මේයමුනා නම් කාන්තාව සමඟ ය. මොවුන්ට චතුර ලෙස බුසු බස කතා කළ හැකි අතර අන් අයට ඉගැන්වීමට ද දක්වන්නේ දැඩි කැමැත්තකි. වෘත්තියෙන් ගොවියන් වන මේ යුවළ වයස 60 කට ආසන්න ය.

බියට්‍රිස් ලිමිටා මුන්ගු ද ජීවත් වන්නේ ද එකම ගම්මානයේ ය. ඇය ද ගෙවිලියකි. ඩන්කෝ ක්‍රිස්පස් අකේ තවමත් ගැටවරයෙකි. චේ ජෝර්ජ් කෙබා ව්‍යාපාරිකයෙකි. හෙතෙම, තම ව්‍යාපාර කටයුතු සඳහා ගම අතහැර ඩොඋලා බලා සංක්‍රමණය වී ඇත. මෙයිමුනා අග්බැන්ග් මුන්ග්න් කසාරා ගේ බිරියයි. නින්ග් ගුඩ්ලවර් කෙළි පොඩිත්තියකි. ෆොන් බන්කෝ මෝසස් මේ සමාජයේ මොළකරු ය.

ඔහු භූගෝල විද්‍යා ගුරුවරයෙකි. මේ සමාජයේ මූලිකයා මෙන්ම නායකයා ඔහු ය. බන්කෝ පි‍්‍රසිලා මේ සමාජයේ ජීවත්වන හැඩකාරම කාන්තාවයි. පෙනුමෙන් ඇය වඩාත් මෝස්තරකාරියකි.

බුසු භාෂාව කතා කරන්නෝ දැන් ලෝකය පුරාම ජනපි‍්‍රය චරිත ය. අන්තර්ජාලය ඔස්සේ කරන ගනුදෙනු හේතුවෙන් මොවුන් දැන් නළු නිළියන් තරමට ම ජනපි‍්‍රය ය. එහෙත් භාෂාවක පැවැත්මට හුදු ජනපි‍්‍රයත්වය පමණක් නොසෑහේ.

මේ ජන සමාජය වඩාත් පෘථුල කරන ක්‍රමවේදයක් භාවිත කළ යුතුය. ඔවුනොවුන් අතර විවාහ මඟින් හෝ තවත් පරම්පරා බිහි කිරීමට විවාහක යුවළ උනන්දු කිරීමත් වඩාත් යෝග්‍ය ය. ගෝත්‍රයක භාෂාව ඊට පරිභාහිර ලෝකය විසින් සුරැකීමට වඩා එම ගෝත්‍රය තුළම ඇති ක්‍රමවේදයක් මඟින් එය සුරැකීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.


මේ ලොව පුරා ජනප්‍රිය ඔවුන්ගේ ගීතයයි.

1 comment:

  1. හොඳ ලිපියක් සහෝ...
    කවදාහරි අපේ සිංහල භාෂාවටත් මේ කල යාවි කියල හිතෙනවා

    ReplyDelete