Friday, December 31, 2010

සුබ නව වසරක් වේවා........!


අලුත් අවුරුද්දක් උදා වෙන්න තියෙන්නෙ තව පැය කීපයක් විතරයි. දන්නෙම නැතුව තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. 2010ත් ඉවරයි.ඔහොම යනකොට අපි වයසට යනවා අපට තේරෙන්නෙවත් නැතුවම.ඒත් ඉතින් අපි කියලා මොනවා කරන්නද? මොකෝ එපා කියන්නයැ. කිව්වා කියලා අහන එකක්යැ.
2011 ලබන ප්‍රීතියට හතර වටේම මිනිස්සු රතිඤ්ඤා පත්තු කරනවා, අහස් කූරු යවනවා එක යුද්දයයි. ඒ උනාට රටේ කීදෙනෙක් නම් ඇද්ද කන්න නැතිව. මොකෝ අලුත් අවුරුද්දක් කියලා බඩු මිල අඩුකරනවයැ. ඔය අස්සෙ SMS එකක් ආවා හෙට ඉඳලා IDD කෝල් වලට විනාඩියකට රුපියල් 2ක් බදු අය කරනවලු. ආයෙ පිස්සුවක් ඇතෑ එකට නම් කමක් නෑ කියමුකො දේශීය ගාස්තුත් එකෙන්ම වැඩිකරයිද දන්නෙ නෑ. බිකෝස් මේගොල්ලො මොනවා කරයිද කියලා මට නම් තේරෙන්නේ නෑ.එසේ නොවේවා කියලා මම ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් අපේ සියලුම දෙනා වෙනුවෙන් මම ඔයාලට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්.

No comments:

Post a Comment