Sunday, December 26, 2010

පෙරදා මැවූ සිනා.............

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නූ කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...........


මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගෙ සෙනේ මවෙතින් මිදී
ලතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නූ කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...........

මේ නීල තරු ගොල්ලේ
සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳ වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොලුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නූ කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...........


මේ සින්දුව මෙතනින් බාගන්න.

No comments:

Post a Comment