Wednesday, December 29, 2010

ක්‍රිකට් ලෝක කුසලාන වාර්තා

ලෝක කුසලානෙටත් තව දින කීයද තියෙන්නෙ. මේ සැරේ කප් එක අපේ කොල්ලො ගනියිද?කලින් ලෝක කුසලානෙදි වෙච්ච දේ මේ පාරත් කරගන්න ආයෙ පිස්සුවක් ඇතෑ.
කෝකටත් කලින් අපි ලෝක කුසලාන වාර්තා ගැන ලාවට බලලා ඉමුකෝ.

කන්ඩායම් වාර්තා

කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය- 
413/5 ඉන්දියාව බර්මියුඩාවට එරෙහිව 2007 මාර්තු 19 (ලකුණු පුවරුව)

කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය-
36/10 කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහිව 2003 පෙබරවාරි 19 (ලකුණු පුවරුව)


ලෝක කුසලානය දිනා ඇති කණ්ඩායම් හා වාර ගණන-
ඕස්ට්‍රේලියාව 4
බටහිර ඉන්දීය කොදෙව් 2
ඉන්දියාව 1
පාකිස්ථානය 1
ශ්‍රී ලංකාව 1


පිතිකරුවන්ගේ වාර්තා


ලෝක කුසලාන තරග වල වැඩිම ලකුණු ලබා ඇති ක්‍රීඩකයා-
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව ) 1796

ඉනිමක වැඩිම ලකුණු ලබා ඇති ක්‍රීඩකයා-
ගැරී කර්ස්ටන්(දකුණු අප්‍රිකාව ) 188* එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව 1996 පෙබරවාරි 16

ලෝක කුසලාන තරග වල වැඩිම සාමාන්‍යය-
ලාන්ස් ක්ලූස්නර්(දකුණු අප්‍රිකාව ) 124.00


ලෝක කුසලාන තරග වල වැඩිම ශතක-
සව්රව් ගංගුලි, සචින් තෙන්ඩුල්කාර්(ඉන්දියාව )
මාක් වෝ, රිකී පොන්ටින්ග්(ඕස්ට්‍රේලියාව )
සිව් දෙනාම ශතක 4 බැගින් ලබා සිටිති.

ලෝක කුසලාන තරග වල වැඩිම අර්ධ ශතක-
 සචින් තෙන්ඩුල්කාර්(ඉන්දියාව ) 17



පන්දු යවන්නන්ගේ වාර්තා



ලෝක කුසලාන තරග වල වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති ක්‍රීඩකයා-
ග්ලේන් මැග්‍රාත්(ඕස්ට්‍රෙලියාව ) 71

ඉනිමක හොඳම පන්දු යැවීම-
ග්ලේන් මැග්‍රාත්(ඕස්ට්‍රෙලියාව ) 15/7 නැමීබියාවට එරෙහිව 2003 පෙබරවාරි 27

කඩුලු රැකීමේ වාර්තා


ලෝක කුසලාන තරග වල වැඩිම දවා ගැනීම්-

ඇඩම් ගිල්ක්‍රිස්ට්(ඕස්ට්‍රේලියාව ) 52
උඩපන්දු 45 ස්ටම්ප් 7


ඉනිමක වැඩිම දවා ගැනීම්-

ඇඩම් ගිල්ක්‍රිස්ට්(ඕස්ට්‍රේලියාව ) 6
උඩපන්දු 6 ස්ටම්ප් 0 නැමීබියාවට එරෙහිව 2003 පෙබරවාරි 27

සෙස්ස පස්සට.............

No comments:

Post a Comment