Tuesday, December 29, 2020

ලෝන් එකකයි ලීසිං එකකයි ප්‍රධාන වෙනස

ලෝන් එකක් ගන්න එකෙයි ලීසිං එකක් දාන එකෙයි ලොකු වෙනසක් නෑ වගේ පිටින් පෙනුනට ගත්ත ණය ආපසු ගෙවනකොට ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා.

ඒක පැහැදිලි කරගන්න උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 25ක මුදලක් 12.5% පොලියට අවුරුදු 5ක කාලයකට ගත්ත ණයක් ගැන හිතමු.

සමාන මාසික වාරික වලින් ගෙවනවන්ම් මාසික වාරිකය රුපියල් 56,244.85ක් වෙනව. අවුරුදු 5 ඉවර වෙද්දි ගෙවන සම්පූර්ණ මුදල රුපියල් 3,374,690.73ක් වෙනව. ගනනය කිරීම පහල ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්


ඔයා අරන් තියෙන්නෙ ලීසිං එකක් නම් රුපියල් ලක්ෂ 25 ලබාගනිද්දිම ඔයා එකඟ වෙනව අවුරුදු 5 ඇතුලත රුපියල් 3,374,690.73ක මුදලක් ආපසු අදාල සමාගමට ගෙවන බවට. ඒ කියන්නේ ඔයා ලීසිං එක දැම්ම දවසට පස්සෙ දවසෙම ඒ ලීසිං එක settle කරන්න හැදුවත් ඔයාට රුපියල් 3,374,690.73ක මුදලක් ගෙවන්න සිද්ද වෙනව (අදාල ශාඛාව සමග කථා කරල පොඩි ඩිස්කවුන් එකක් ගන්න පුලුවන් වෙයි )

අපි හිතමු ඔයා වාරික 10ක් (රු. 562,448.50) ගෙවල ලීස් එක settle කරන්න හදනව කියල. එතකොට ඔයාට ලීස් එක settle කරන්න ගෙවන්න ඕන ගාන වෙන්නෙ රුපියල්  2,812,242.23 (3,374,690.73 - 562,448.50). අදාල ශාඛාවෙ කළමණාකරු සමග කතාකරල පොඩි discount එකක් ගන්න පුලුවන් වෙයි. ඒත් අඩුම ගානෙ ලක්ෂ 27ක් වත් ගෙවන්න වෙනව.

අපි හිතමු ඔයා අරන් තියෙන්නෙ ලෝන් එකක්නම් සහ මුල් වාරික 10 ගෙවල settle කරන්න හදනව කියල. එතකොට මේ වෙද්දි ඔයාගෙ remaining principle amount එක වෙන්නෙ රුපියල් 2,183,409.94ක් (මේකත් උඩ ලින්ක් එකෙන්ම ගිහින් installment details එකෙන් බලාගන්න පුලුවන්) නිසා ඒ amount එකට 4%ක වගෙ පොලියක් එකතු කරල රුපියල් 2,270,746.34 ක වගේ මුදලක් settlement එකට ඔයාට ගෙවන්න වෙයි.

ණයක් ගන්න ඕනනම්, ගන්න ගියාම ටිකක් කරදර උනත් ලීසිං එක්කට යනවට වැඩිය ලෝන් එක්කට යන එක තමා කෝකටත් හොද කියන එක තමා මගෙනම් අදහස




Friday, February 4, 2011

බූසු ගැන දිනමිණත් කියයි

ලොව අඩුම පිරිසක් කතා කරන භාෂාව ගැන අලුත් ලිපියක් දිනමිණ සිතිජය අතිරේකයේ පලවී තිබුනා. මේ ඒ ලිපියයි.

අට දෙනෙක් කතා කරන පණ අදින භාෂාව

පිරිමින් වර්ණවත් සරොම් ඇඳ උඩුකය නිරුවතිනි. වූල්වලින් ගොතන ලද හිස් වැසුමක් සෑම වැඩිහිටි පිරිමියෙකුගේ ම හිස සරසා ඇත. ස්ත්‍රීන් උඩුකයට වර්ණවත්, ඝනකම රෙදි කැබැල්ලක් සහ යටි කයට පුරුෂයන් සේම අතිශය වර්ණවත් දිගු රෙද්දකින් සැරසීගෙන ය. ගෝත්‍රයේ ප්‍රධානියා පමණක් සුදු පැහැති මාලයක් පැළඳ උඩුකය සරුවාලයක් වැනි කමිසයකින් වසා ගෙන ය.

මොවුන් ගේ නිවාස තනා ඇත්තේ මැටියෙනි. නිවාස සියල්ල ම ප්‍රමාණයෙන් කුඩා ය. වහලට පිදුරු දමා ඇති අතර නිවාසවල ඇතුළත පිරිසිදු ය. නිතොර සිනාමුසු මුහුණින් සිටින්නෝ ලෝකයෙන් වඳ වී යන භාෂාවක් කතා කරන්නෝ ය. බුසු යනු මේ අවාසනාවන්ත භාෂාවයි.

කැමරූන් රාජ්‍යයේ වෙසෙන මොවුන් අයිති වන්නේ ෆුරු අවා නම් ග්‍රාමයටයි. නැන්ග්නා නම් උප සංස්කෘතියට අයත් මොවුන්ගෙන් මේ වනවිට බුසු භාෂාව කතා කළ හැක්කේ අට දෙනෙකුට පමණි. 2005 වන විට ඒ සංඛ්‍යාව තිදෙනා දක්වා අඩු වී ඇතැයි යම් මතයක් තිබුණත් එය අවිනිශ්චිත ය. සාමාන්‍ය භාවිතය අනුව තවමත් එය අට දෙනෙකු බවට ලෝකය පිළිගෙන ඇත.

භාෂාවක් මෙලෙස වඳවීමේ තර්ජනයට එසේත් නැත්නම් මළ භාෂාවක් බවට පරිවර්තනය වීමට බොහෝ හේතු සාධක තිබිය යුතු ය. සාධාරණ පළමු නිගමනය විය හැක්කේ නොසලකා හැරීමයි. නැන්ග්නාවරුන්ව ලෝකයා විසින් අමතක කර දමා තිබුවා විය හැකිය. ගොවිතැන ප්‍රධාන රැකියාව කර ගත් මේ ජන සමාජය දැන් දැන් වේගවත් නාගරීකරණයට ලක්ව ඇති බව නම් පෙනීයයි.

මුළු මහත් ලෝකයට ම අමතකව තිබී හදිසියේ මතක් වූ බුසු භාෂාව දැන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ උගන්වයි. ඹඹඹ.ඡභඵභභ.ජධථ වෙබ් අඩවිය තනා ඇත්තේ ඒ වෙනුවෙනි. වඩාත් වැදගත් අදහස වන්නේ ඕනෑම අයෙකුට නොමිලේ මෙය උගත හැකි වීම ය. බාගත කර ගත හැකි ආකාරයේ පාඩම් මාලා මෙන් ම වීඩියෝ පාඩම් මාලා ද මෙහි ඇතුළත් ය.

විවිධාකාර වූ සම්මාන සඳහා යෝජනා වී ඇති බුසු වෙබ් අඩවිය වඩාත් ජනපි‍්‍රය බුසුවරුන් ගායනා කරන ගීතය හේතුවෙනි.

යූ ටියුබ් මගින් මෙන්ම සියලුම සමාජශීලී වෙඩ් අඩවි මඟින් ප්‍රසිද්ධ වී ඇති බුසු ගීතය වඳ වී යන භාෂාව පිළිබඳ කදිම චිත්‍රයක් මවා පාන අතරම වෙළෙඳ භාණ්ඩයක් ලෙස භාෂාවක් වුවද විකිණිය හැකි බවට කදිම සාක්ෂියක් සපයයි.

භාෂාවක් වඳ වී යා නොදී සුරැකීම වඩාත් පැසසුම් ලැබිය යුතු කාරණයකි. එහෙත්, එකී භාෂාව සුරැකීමට ගමන් ගන්නා මාර්ගයේ තිබෙන අනපේක්ෂිත මැදිහත් වීම් පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුය.

භාෂාවක් සුරැකීමට ලෝකයාටම එම භාෂාව ඉගැන්වීම පමණක් නොසෑහේ. එකී ගෝත්‍රය හෝ ජන සමාජය පුළුල් වශයෙන් පැතිරීමට අවශ්‍ය කරුණු කාරණා සැලසිය යුතුය.

ජාත්‍යන්තර භාෂා වර්ෂය නිමිත්තෙන් යුනෙස්කෝව මඟින් පවත්වන ලද වැඩසටහනකට ද බුසු වෙබ් අඩවිය තෝරා ගෙන තිබේ. බුසු වෙබ් අඩවියට සමගාමීව තනන ලද “බුසු” සුරැකිමු ෆේස්බුක් පිටුවේ සාමාජිකයෝ දස දහස් ගණනකි.

බුසු භාෂාව කතා කරන අවසන් සාමාජිකයන් අට දෙනා වෙනුවෙන් තැනුණු පෞද්ගලික ෆේස්බුක් ලිපින ද වේ. දියුණුව කෙතරම් ද යත් මින් සාමාජිකයන් කිහිප දෙනෙකුට ද ඉංගී‍්‍රසි භාෂාව සමඟ ගනුදෙනු කළ හැකි ය.

එහෙත් මේ ෆේස්බුක් ලිපින ඔවුන් වෙනුවෙන් කවුරුන් හෝ පවත්වාගෙන යන ඒවාදැයි නිශ්චිතවම කිව නොහැකි ය. එසේ වන හෙයින් ඔවුන්ගේ ඉංගි‍්‍රසි දැනුම පිළිබඳ කිසිවකුට සහතික විය නොහැක.

මේ අපූරු අට දෙනා පිළිබඳ වද යම් හැඳින්වීමක් කිරීම සාධාරණ ය. කසාරා අග්බැන්ග් මුන්ග් ගොවියෙකි. ඔහු විවාහ වී සිටින්නේ මේයමුනා නම් කාන්තාව සමඟ ය. මොවුන්ට චතුර ලෙස බුසු බස කතා කළ හැකි අතර අන් අයට ඉගැන්වීමට ද දක්වන්නේ දැඩි කැමැත්තකි. වෘත්තියෙන් ගොවියන් වන මේ යුවළ වයස 60 කට ආසන්න ය.

බියට්‍රිස් ලිමිටා මුන්ගු ද ජීවත් වන්නේ ද එකම ගම්මානයේ ය. ඇය ද ගෙවිලියකි. ඩන්කෝ ක්‍රිස්පස් අකේ තවමත් ගැටවරයෙකි. චේ ජෝර්ජ් කෙබා ව්‍යාපාරිකයෙකි. හෙතෙම, තම ව්‍යාපාර කටයුතු සඳහා ගම අතහැර ඩොඋලා බලා සංක්‍රමණය වී ඇත. මෙයිමුනා අග්බැන්ග් මුන්ග්න් කසාරා ගේ බිරියයි. නින්ග් ගුඩ්ලවර් කෙළි පොඩිත්තියකි. ෆොන් බන්කෝ මෝසස් මේ සමාජයේ මොළකරු ය.

ඔහු භූගෝල විද්‍යා ගුරුවරයෙකි. මේ සමාජයේ මූලිකයා මෙන්ම නායකයා ඔහු ය. බන්කෝ පි‍්‍රසිලා මේ සමාජයේ ජීවත්වන හැඩකාරම කාන්තාවයි. පෙනුමෙන් ඇය වඩාත් මෝස්තරකාරියකි.

බුසු භාෂාව කතා කරන්නෝ දැන් ලෝකය පුරාම ජනපි‍්‍රය චරිත ය. අන්තර්ජාලය ඔස්සේ කරන ගනුදෙනු හේතුවෙන් මොවුන් දැන් නළු නිළියන් තරමට ම ජනපි‍්‍රය ය. එහෙත් භාෂාවක පැවැත්මට හුදු ජනපි‍්‍රයත්වය පමණක් නොසෑහේ.

මේ ජන සමාජය වඩාත් පෘථුල කරන ක්‍රමවේදයක් භාවිත කළ යුතුය. ඔවුනොවුන් අතර විවාහ මඟින් හෝ තවත් පරම්පරා බිහි කිරීමට විවාහක යුවළ උනන්දු කිරීමත් වඩාත් යෝග්‍ය ය. ගෝත්‍රයක භාෂාව ඊට පරිභාහිර ලෝකය විසින් සුරැකීමට වඩා එම ගෝත්‍රය තුළම ඇති ක්‍රමවේදයක් මඟින් එය සුරැකීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.


මේ ලොව පුරා ජනප්‍රිය ඔවුන්ගේ ගීතයයි.

Tuesday, February 1, 2011

සිංහ පැටව් දෙරණේ

ලෝක කුසලානයට ඇත්තේ තව දින කිහිපයයි.
අපේ සිංහ පැටවුන්ට ජය පැතීමට අප සැම එක්වෙමු.

Saturday, January 29, 2011

කේන්දරේ බලමුද?


ඔබගේ හා සහකරු\ සහකාරියගේ පොරොන්දම් ගැලපෙනවද බලන්න.

මෙතනින් යන්න.

Friday, January 28, 2011

මාලිංගගේ ලෝක වාර්තාව නැවතත් බලමු

ලබන 31 වෙනිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එක්දින තරඟාවලිය සඳහාද සහභාගි වන්නේ ලෝක කුසලානයට සහභාගිවන අපේ සංචිතයමයි. ලසිත් මාලිංග අපේ වේග පන්දු බල ඇණියේ නියමුවා ලෙස හැඳින්විය හැකියි. පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඔහු දැක්වූ දස්කමක් තමයි මේ.

Wednesday, January 26, 2011

මහේලට එරෙහිව මැතිව්ස්

පසුගිය IPL තරඟවාරයකදී තමයි මහේලට මැතිව්ස්ව මුණගැහිලා තියෙන්නෙ

ක්‍රිකට් ඉතිහාසයේ අරුම පුදුම උඩපන්දු

ක්‍රිකට් ඉතිහාසයේ අරුම පුදුම උඩපන්දු.
දැකලා නැත්නම් බලාගන්න.

Tuesday, January 25, 2011

එක්දින තරඟ වල ලබාගත් වේගවත්ම අර්ධ ශතකය

එක්දින තරඟ වල ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ලබා ගත්තේ සුපිරි පිතිකරු සනත් ජයසූරියයි. ඒ පන්දු 17කින්. එය නැවතත් බලන්න.

ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම හයේ පහර

ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම හයේ පහර මෙයද?
දැකලා නැත්නම් මෙන්න.

Monday, January 24, 2011

ලෝක කුසලානෙට හදපු ඇඩ් බැලුවද?

ලෝක කුසලානෙට හදපු ඇඩ් එක බැලුවද? බැලුවෙ නැත්නම් මෙන්න බලන්න.




මේ පහලින් තියෙන්නෙ ලෝක කුසලානයේ ප්‍රවර්ධනයට හදපු ඇඩ් එකක්

එක පන්දුවකින් කඩුලු දෙකක්

එක පන්දුවකින් කඩුලු දෙකක් දවාගත් අවස්ථාවක් දැකලා තියෙනවද? මෙතනදි විනිසුරුගෙ තීරණය මොකක්ද කියල නම් හරියටම දන්නෙ නෑ. දැකලා නැත්නම් ඔන්න බලාගන්න.

ලොවෙත් නැති ආච්චි කෙනෙක්

දවසක් මම කොහුවලදි පාරෙ යනකොට old lady කෙනෙක් හම්බ වෙලා මගෙන් අහනවා, මල්ලි කොහොමද ගාල්ලට යන්නෙ කියලා.මම කිව්වා අක්කෙ, ඔය පිට කොටුව bus එකක නැගලා කොටුවට ගිහිල්ලා ගාල්ල bus එකක් ගන්න කියල. ඔහොම කියලා මම එයාව පිට කොටුව bus එකක නග්ගලා යැව්වා. එදාම මම පොඩි වැඩකට කොටුවට ගියා. මෙන්න බොලේ ඒ ආච්චි හම්බවුනා කියපන්කො කොටුවෙන්. ඒ ආච්චි මාව දැකලා මම ලඟට ඇවිල්ලා අහනවා, මල්ලි කොහොමද කොහුවලට යන්නෙ කියලා. මම ඇහුවා ඇයි අක්කෙ අයමත් ඔයා කොහුවලට යන්නෙ කියලා.එයා කියනවා, ගාල්ලට යන ලේසි විදියක් කාගෙන් හරි අහගන්න මල්ලි කියලා.

පව් ආච්චිට කොටුවෙ ඇවිදලා එපාවෙලා.

Saturday, January 22, 2011

අහිංසක තරුණයෙකුගේ තවත් එක් වෑයමක්

සුපිරි තරුවක් වීමට වෙර දරන තරුණයෙකුගේ තවත් අහිංසක උත්සාහයක්. මෙතන ඔබලා බාගන්න.

ඔහුගේ මේ වෑයමට දිරි දෙන්න ඔබත් එක්වන්න.

Friday, January 21, 2011

Yahoo OpenID හරහා Google හා Facebook සමග login සාදාගැනීමට එකඟවේ.

Yahoo සමාගම අලුත් වෙනසක් සිදුකර තිබෙනවා. එනම් ඔවුන්ගේ තරඟකරුවන් වන Google හා Facebook සමඟ එක්වී කටයුතු කිරීමටයි.මෙයට මූලිකම හේතුව වන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින අඩුවීයාමයි.මේ අනුව OpenID protocol එක හරහා Google හා Facebook login Yahoo සඳහාද යොදා ගැනීමට ඔවුන් එකඟවී තිබෙනවා. ඔවුන් පසුගිය වසරේ තම search engine එකෙහි සේවාවන් පුළුල් කිරීම සඳහා Bing යොදා ගැනීමටද කටයුතු කලා.


මේ අනුව සියලුම usersලාට Sign Up වීමෙන් තොරව Yahoo සේවාවන් පරිහරණය කිරීමට අවස්ථාව සලසා ඇත.

Tuesday, January 18, 2011

Season of the Witch



මේක ජනවාරි 7 වෙනිදා තිරගත වීම ආරම්භ කල චිත්‍රපටයක්.Adventure ගණයට තමයි අයත් වෙන්නෙ.
නිකලස් කේජ් තමයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ.



මෙතනින් බාගන්න.

Sunday, January 16, 2011

ලෝකෙ හොඳම පොලිසිය

ඔන්න දවසක් ලෝකෙ හොඳම පොලිසිය තෝරන්න තරඟයක් තිබ්බලු.මේකට ලෝකෙ ගොඩක් රටවල් වලින් පොලිසි එවලා තිබ්බලු.අපේ ලංකාවෙ පොලිසියත් මේකට ඉදිරිපත් උනාලු.
මේ තරඟෙදි කැලේට හාවෙක් දානවලු. ඊට පස්සෙ ඌව හොයන්න චාන්ස් එකක් දෙනවලු. අදාල කාලෙ ඇතුලත ඌව යම් කිසි පොලිසියක් හොයාගත්තොත් ඒක තමයි හොඳම පොලිසිය.
ඔන්න ඉතිං ඇමරිකාවෙ පොලිසිය තමයි මුලින්ම වැඩේට බැස්සෙ. කට්ටිය දන්න කියන වැඩ කිඩ ඔක්කොම දාලා හාවව හොයන්න ගත්තා. නියමිත කාලෙ නම් ඉවර උනා ඒත් හොයා ගත්ත හාවෙක් නම් නෑ.
ඊට පස්සෙ රුසියාවෙ, ඕස්ට්‍රේලියාවෙ ඔය විදිහට එක එක රටවල පොලිසි වැඩේට බැස්සත් හැමෝටම හිස් අතින් තමයි එන්න සිද්ද උනේ.
අන්තිමේදි ඉතුරුවුනේ ලංකාවෙ පොලිසිය.
ඔන්න ඉතින් ලංකාවෙ පොලිසියෙ රාල්හාමිලා ටිකත් වැඩේට බැස්සා.
වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න අර රාලහාමිලා ටික බොහොම අමාරුවෙන් තඩි වලහෙක්ව කරතියන් එනවා.
දැන් නිරීක්ෂණයට හිටපු අයත් පුදුම වෙලා බලන් ඉන්නවා. මේ මොකද කියලා.
ඔන්න රාලහාමිලා අර වලස් තඩියව බිමින් තිබ්බා. ඒත් වලහා සද්ද නෑ. එක රාලහාමි කෙනෙක් අතේ තිබ්බ බැටන් පොල්ල අරන් වලහට හොඳවැයින් පාරක් දුන්නා. මෙන්න ඒපාර වලහා කතා කරනවා.
වලහා කියනවලු "මං හාවෙක්, මං හාවෙක් " කියලා.

කියමන් ටිකක්

බොක්ක වෙනස් උනත් එකට ඉන්නවා.
සරම අස්සෙ දාගන්න කලින් ඌ නයෙක් ද කියලා බලන්න.
පළා බෙදනවාට වඩා හොඳයි පල කිව්වනම්.
කබල්ලෑවා රින්ඟපු ගේ හිටියෙ ඉබ්බෙක්ලු.
ගොනා ඇන්න මිනිහා ගහෙනුත් වැටිලා තිබුනලුනෙ.
සමහර හපන බල්ලොත් බුරලා තියනවා.
රිදී රේඛාවක් තිබුනත් ඒක අඳුරු වළාකුළක්නෙ.
පස්සෙ ආපු අඟ ලොකුයි තමා ඉස්සරලා ආපු කණට වඩා.
දිය හෙලවෙන් නැත්තෙ කළේ පිරිලා හින්දනෙ.
දුමක් නගින්නෑනෙ ඉතින් ගින්නක් නැතිව.
ගැඹුරු දිය නිසලයි.
දේවාලේ හිසේ කඩා වැටුනෙ වැඳ වැඳා ඉන්නකොටනෙ.
මිරිස් අරගෙන ඉඟුරු දීලා.
ගෙදරක එල්ලිලා ඉන්නවනම් අනිවාර්යයෙන් ඒක වවුලෙක්ගෙ ගෙයක්.
කවුරුත් රැවටෙන්නෙ කාරිය කෙරෙනකන් විතරයිනෙ.

Thursday, January 13, 2011

Sea Battle 2.3



මේක mobile game එකක්. strategy games වලට තමයි මේ game එක අයත් වෙන්නෙ.මේක වැඩ කරන්නෙ Android OS එකේ. ඔයාලත් play කරලා බලන්නකෝ.
මේ devices වලට තමයි මේ game එක හරියන්නෙ.

Acer: A1, beTouch E110, beTouch E400, Liquid E, Stream
Alcatel: OT-980
Dell: Aero, Streak
Garmin: fone
Gigabyte: G1305
Google: Nexus One
HTC: Aria, Desire, Desire HD, Desire Z, Dream G1, DROID Eris, Droid Incredible, EVO 4G, Hero, Hero CDMA, Legend, Magic, myTouch, myTouch 3G Slide, Tattoo, Wildfire
Huawei: Ascend, U8100, U8110, U8150 IDEOS, U8230, U8300, U8800
I-mobile: i858
LG: Ally, Etna, Eve GW620, GW880, InTouch Max, KH5200 Andro-1, Optimus, Optimus Q, Optimus S, Optimus T, Optimus Z, Swift, 2300
Lenovo: LePhone
Motorola: Backflip, BRAVO, CHARM, Cliq, CLIQ XT, DEFY, Devour, Dext, Droid, DROID 2, DROID Pro, Droid X, Flipout, i1, Milestone, MT710 ZHILING, Quench XT3, XT701, XT800 ZHISHANG
Samsung: Acclaim, Beam, Behold 2, Captivate, Continuum, Epic 4G, Fascinate, Galaxy, Galaxy 3 i5800, Galaxy 5, Galaxy A, Galaxy Apollo, Galaxy i5500, Galaxy i6500U, Galaxy i7500, Galaxy Spica i5700, I5503 Galaxy 550, Intercept, Mesmerize, Moment, Nexus S, Showcase, T-Mobile Behold II, Transform, Vibrant
Sony-Ericsson: x10 mini, x10 mini Pro, Xperia X10, Xperia X8
T-Mobile: Comet, G1, G2, MyTouch 3G, myTouch 4G, Pulse, Pulse Mini
Vodafone: 845
ZTE: Racer



මෙතනින් බාගන්න.