
Showing posts with label චිත්‍රපට. Show all posts
Showing posts with label චිත්‍රපට. Show all posts
Tuesday, January 18, 2011
Friday, January 7, 2011
BloodRayne(2005)

මේක 2005දි තිරගත වුණු චිත්‍රපටයක්.මේකෙ කතා තේමාව ගෙතිලා තියෙන්නෙ වැම්පයර්ලා සහ මිනිස්සු අතර සිද්ධ වන යුද්ධයක් සම්බන්ධව.Rayne කියන්නෙ විශේෂ හැකියාවන් තියෙන වැම්පයර්වරියක්.එයා අනිත් වැම්පයර්ලගෙන් වෙනස් වෙන්නෙ ඇයි කියන එක දැනගන්න ඕනෙ නම් මේ චිත්‍රපටය බලන්නම ඕනෙ.
භයානක දර්ශන බලන්න අමාරු අය මේක බලන්න එපා. ඒ වගේම මේක 18න් ඉහල අයට තමයි වඩාත් සුදුසු.
මෙතනින් බාගන්න.
Friday, December 31, 2010
The chronicles of Narnia : The Voyage of the Dawn Treader

සී.එස්. ලිවිස් විසින් රචිත ‘ද ක්‍රොනිකල්ස් ඔෆ් නාර්නියා’ නමැති අද්භූතජනක කතා මාලාව ඇසුරෙන් නිර්මාණය වූ තෙවන චිත්‍රපටය පසුගියදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
ඇමෙයිසිං ග්‍රේස්, ඉනෆ් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සම්මානනීය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු හා නළුවකු වන මයිකල් ඇප්ටෙඩ් (Michael Apted) ගේ නවතම නිර්මාණයයි. The chronicles of Narnia : The Voyage of the Dawn Treader යනුවෙන් නම් වී ඇති මෙහි ජෝර්ජි හෙන්ලි. ලුසී ලෙස ද ස්කැන්ඩර් කේන්ස් එඩ්මන්ඩ් ලෙස ද බෙන් බොන්සු කැස්පියන් ලෙස ද විල් පෝල්ටර් - යුස්ටස් ලෙස ද ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති.
යුස්ටස් නමැති ඥාති සොයුරාගේ නිවෙසේ විවේකයක් ගත කිරීමට ආ ලුසී හා එඩ්මන්ටන් හට අද්භූත සිදුවීම් මාලාවට මුහුණදීමට සිදුවන්නේ ලුසී ගේ කාමරයේ බිත්තියක එල්ලා තිබෙන නැවක දර්ශනය ඇතුළත් චිත්‍රය ප්‍රාණවත් වී මේ තිදෙනා නාර්නියා දූපතට ගසාගෙන යෑමත් සමඟ ය. සාගරයේදී ගිලෙන්නට යන ඔවුන් බේරා ගන්නේ ඩෝන් ට්‍රේඩර් විසිනි.
සුරක්ෂිතව නැවෙහි සිටින ඔවුන්ට කැස්පියන් හමුවන්නේ එහිදී ය. ඔහුගේ ඉල්ලීම පරිදි නාර්නියාහි අතුරුදන් වූ සාමිවරුන් 7 දෙනා නැවත සොයා ගැනීමේ භාරදූර කාර්යය කරට ගැනීමට සිදුවන ලුසී, එඩ්මන්ටන් සහ යුස්ටස් නැවත නාර්නිය දූපත බලා ගමන් කරන්නේ සාමිවරු 7 දෙනා සොයා ගැනීමේ අරමුණ ඇතිවයි. මෙහිදී රිපිච්ප්ස් නමැති තවත් සගයකු හමුවන මේ තිදෙනාට ඔහුගේ කැමැත්ත පරිදි පළමුව ගමන් කරන්නේ නාර්නියා දූපතට අයත් නැඟෙනහිර අන්තයේ මුහුදු සොයා ගෙන ය.
එතැන් පටන් අද්භූත සිදුවීම් රැසක් ඔස්සේ ඉතා ආකර්ෂණීය ලෙස ප්‍රේක්ෂකයා මනඞකල්පිත ලොවකට ගෙන යන මෙම සිදුවීම් මාලාවේ අවසානය කුමක් වේවිද? නාර්නියාවේ සාමිවරුන් සත් දෙනා සොයා ගැනීමට මේ පිරිසට හැකිවේවිද?
අද්භූත සිදුවීම් මාලාවක් ඉතා අපූරු ලෙස ප්‍රේක්ෂකයාට තිළිණ කිරීමට මෙම චිත්‍රපටය සමත් වී ඇතැයි කීම නිවැරැදි ය.
මාර්ක් ජෝන්සන්, අන්ඩෲ ඇඩම්සන් හා පිලිප් ස්ටියුරර් ගේ නිෂ්පාදනයෙන් ද ක්‍රිස්ටෝෆර් මාක්ස් සහ ස්ටීවන් මැක්ෆිලි ගේ තිර රචනයෙන් ද නිර්මාණය වූ ‘ද ක්‍රොනිකල් ඔෆ් නාර්නියා’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය මේ මස 23 දා සිට මෙරට ප්‍රදර්ශනය ආරම්භ විණි.
මෙතනින් බාගන්න.
Labels:
චිත්‍රපට
Monday, December 27, 2010
The A-Team
ඉරාක යුද්ධයේ නිරත වුණු සොල්දාදුවන් හතර දෙනෙක් වටා ගෙතුණු මෙම චිත්‍රපටය කුතුහලයෙන් යුතුව මුල සිටම නැරඹිය හැකියි.මෙතනින් බාගන්න.
Labels:
චිත්‍රපට
Subscribe to:
Posts (Atom)
