Friday, December 31, 2010

The chronicles of Narnia : The Voyage of the Dawn Treader


සී.එස්. ලිවිස් විසින් රචිත ‘ද ක්‍රොනිකල්ස් ඔෆ් නාර්නියා’ නමැති අද්භූතජනක කතා මාලාව ඇසුරෙන් නිර්මාණය වූ තෙවන චිත්‍රපටය පසුගියදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

ඇමෙයිසිං ග්‍රේස්, ඉනෆ් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සම්මානනීය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු හා නළුවකු වන මයිකල් ඇප්ටෙඩ් (Michael Apted) ගේ නවතම නිර්මාණයයි. The chronicles of Narnia : The Voyage of the Dawn Treader යනුවෙන් නම් වී ඇති මෙහි ජෝර්ජි හෙන්ලි. ලුසී ලෙස ද ස්කැන්ඩර් කේන්ස් එඩ්මන්ඩ් ලෙස ද බෙන් බොන්සු කැස්පියන් ලෙස ද විල් පෝල්ටර් - යුස්ටස් ලෙස ද ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

යුස්ටස් නමැති ඥාති සොයුරාගේ නිවෙසේ විවේකයක් ගත කිරීමට ආ ලුසී හා එඩ්මන්ටන් හට අද්භූත සිදුවීම් මාලාවට මුහුණදීමට සිදුවන්නේ ලුසී ගේ කාමරයේ බිත්තියක එල්ලා තිබෙන නැවක දර්ශනය ඇතුළත් චිත්‍රය ප්‍රාණවත් වී මේ තිදෙනා නාර්නියා දූපතට ගසාගෙන යෑමත් සමඟ ය. සාගරයේදී ගිලෙන්නට යන ඔවුන් බේරා ගන්නේ ඩෝන් ට්‍රේඩර් විසිනි.

සුරක්ෂිතව නැවෙහි සිටින ඔවුන්ට කැස්පියන් හමුවන්නේ එහිදී ය. ඔහුගේ ඉල්ලීම පරිදි නාර්නියාහි අතුරුදන් වූ සාමිවරුන් 7 දෙනා නැවත සොයා ගැනීමේ භාරදූර කාර්යය කරට ගැනීමට සිදුවන ලුසී, එඩ්මන්ටන් සහ යුස්ටස් නැවත නාර්නිය දූපත බලා ගමන් කරන්නේ සාමිවරු 7 දෙනා සොයා ගැනීමේ අරමුණ ඇතිවයි. මෙහිදී රිපිච්ප්ස් නමැති තවත් සගයකු හමුවන මේ තිදෙනාට ඔහුගේ කැමැත්ත පරිදි පළමුව ගමන් කරන්නේ නාර්නියා දූපතට අයත් නැඟෙනහිර අන්තයේ මුහුදු සොයා ගෙන ය.

එතැන් පටන් අද්භූත සිදුවීම් රැසක් ඔස්සේ ඉතා ආකර්ෂණීය ලෙස ප්‍රේක්ෂකයා මනඞකල්පිත ලොවකට ගෙන යන මෙම සිදුවීම් මාලාවේ අවසානය කුමක් වේවිද? නාර්නියාවේ සාමිවරුන් සත් දෙනා සොයා ගැනීමට මේ පිරිසට හැකිවේවිද?

අද්භූත සිදුවීම් මාලාවක් ඉතා අපූරු ලෙස ප්‍රේක්ෂකයාට තිළිණ කිරීමට මෙම චිත්‍රපටය සමත් වී ඇතැයි කීම නිවැරැදි ය.

මාර්ක් ජෝන්සන්, අන්ඩෲ ඇඩම්සන් හා පිලිප් ස්ටියුරර් ගේ නිෂ්පාදනයෙන් ද ක්‍රිස්ටෝෆර් මාක්ස් සහ ස්ටීවන් මැක්ෆිලි ගේ තිර රචනයෙන් ද නිර්මාණය වූ ‘ද ක්‍රොනිකල් ඔෆ් නාර්නියා’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය මේ මස 23 දා සිට මෙරට ප්‍රදර්ශනය ආරම්භ විණි.




මෙතනින් බාගන්න.

සුබ නව වසරක් වේවා........!


අලුත් අවුරුද්දක් උදා වෙන්න තියෙන්නෙ තව පැය කීපයක් විතරයි. දන්නෙම නැතුව තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. 2010ත් ඉවරයි.ඔහොම යනකොට අපි වයසට යනවා අපට තේරෙන්නෙවත් නැතුවම.ඒත් ඉතින් අපි කියලා මොනවා කරන්නද? මොකෝ එපා කියන්නයැ. කිව්වා කියලා අහන එකක්යැ.
2011 ලබන ප්‍රීතියට හතර වටේම මිනිස්සු රතිඤ්ඤා පත්තු කරනවා, අහස් කූරු යවනවා එක යුද්දයයි. ඒ උනාට රටේ කීදෙනෙක් නම් ඇද්ද කන්න නැතිව. මොකෝ අලුත් අවුරුද්දක් කියලා බඩු මිල අඩුකරනවයැ. ඔය අස්සෙ SMS එකක් ආවා හෙට ඉඳලා IDD කෝල් වලට විනාඩියකට රුපියල් 2ක් බදු අය කරනවලු. ආයෙ පිස්සුවක් ඇතෑ එකට නම් කමක් නෑ කියමුකො දේශීය ගාස්තුත් එකෙන්ම වැඩිකරයිද දන්නෙ නෑ. බිකෝස් මේගොල්ලො මොනවා කරයිද කියලා මට නම් තේරෙන්නේ නෑ.එසේ නොවේවා කියලා මම ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් අපේ සියලුම දෙනා වෙනුවෙන් මම ඔයාලට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්.

Wednesday, December 29, 2010

ක්‍රිකට් ලෝක කුසලාන වාර්තා

ලෝක කුසලානෙටත් තව දින කීයද තියෙන්නෙ. මේ සැරේ කප් එක අපේ කොල්ලො ගනියිද?කලින් ලෝක කුසලානෙදි වෙච්ච දේ මේ පාරත් කරගන්න ආයෙ පිස්සුවක් ඇතෑ.
කෝකටත් කලින් අපි ලෝක කුසලාන වාර්තා ගැන ලාවට බලලා ඉමුකෝ.

කන්ඩායම් වාර්තා

කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය- 
413/5 ඉන්දියාව බර්මියුඩාවට එරෙහිව 2007 මාර්තු 19 (ලකුණු පුවරුව)

කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය-
36/10 කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහිව 2003 පෙබරවාරි 19 (ලකුණු පුවරුව)


ලෝක කුසලානය දිනා ඇති කණ්ඩායම් හා වාර ගණන-
ඕස්ට්‍රේලියාව 4
බටහිර ඉන්දීය කොදෙව් 2
ඉන්දියාව 1
පාකිස්ථානය 1
ශ්‍රී ලංකාව 1


පිතිකරුවන්ගේ වාර්තා


ලෝක කුසලාන තරග වල වැඩිම ලකුණු ලබා ඇති ක්‍රීඩකයා-
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව ) 1796

ඉනිමක වැඩිම ලකුණු ලබා ඇති ක්‍රීඩකයා-
ගැරී කර්ස්ටන්(දකුණු අප්‍රිකාව ) 188* එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව 1996 පෙබරවාරි 16

ලෝක කුසලාන තරග වල වැඩිම සාමාන්‍යය-
ලාන්ස් ක්ලූස්නර්(දකුණු අප්‍රිකාව ) 124.00


ලෝක කුසලාන තරග වල වැඩිම ශතක-
සව්රව් ගංගුලි, සචින් තෙන්ඩුල්කාර්(ඉන්දියාව )
මාක් වෝ, රිකී පොන්ටින්ග්(ඕස්ට්‍රේලියාව )
සිව් දෙනාම ශතක 4 බැගින් ලබා සිටිති.

ලෝක කුසලාන තරග වල වැඩිම අර්ධ ශතක-
 සචින් තෙන්ඩුල්කාර්(ඉන්දියාව ) 17



පන්දු යවන්නන්ගේ වාර්තා



ලෝක කුසලාන තරග වල වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති ක්‍රීඩකයා-
ග්ලේන් මැග්‍රාත්(ඕස්ට්‍රෙලියාව ) 71

ඉනිමක හොඳම පන්දු යැවීම-
ග්ලේන් මැග්‍රාත්(ඕස්ට්‍රෙලියාව ) 15/7 නැමීබියාවට එරෙහිව 2003 පෙබරවාරි 27

කඩුලු රැකීමේ වාර්තා


ලෝක කුසලාන තරග වල වැඩිම දවා ගැනීම්-

ඇඩම් ගිල්ක්‍රිස්ට්(ඕස්ට්‍රේලියාව ) 52
උඩපන්දු 45 ස්ටම්ප් 7


ඉනිමක වැඩිම දවා ගැනීම්-

ඇඩම් ගිල්ක්‍රිස්ට්(ඕස්ට්‍රේලියාව ) 6
උඩපන්දු 6 ස්ටම්ප් 0 නැමීබියාවට එරෙහිව 2003 පෙබරවාරි 27

සෙස්ස පස්සට.............

ශ්‍රේෂ්ඨ කලාකරුවානෙනි, ඔබට මොක් සුව............

චිත්‍රපට පසුබිම් ගායනයෙන් රසික ජනතාවගේ හද බැඳගත් ඔහු එදා පමණක් නොව හෙටත් මතකයේ රැඳෙන සුමියුරු ගීත රැසක් ගායනා කොට ඇත. ඉපදී ලොවේ,ඈත දුරක දෑස පාවෙලා, තරුයායේ ඇතුළු ගීත රාශියක් ඔහුගේ මියුරු හඬින් ගැයිණි.කොළඹ ජාතික රෝහලේදී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 52කි.

ග්‍රේෂන් ආනන්ද මහතාණෙනි, ඔබට මොක් සුව....

ඔහුගේ ගීත වලට සවන් දීමට මෙතන ඔබන්න.

මෙතනිනුත් පුලුවන්.

ඔහුගේ ගීත ඇල්බයක් බාගන්න ඕනෙ නං මෙතන කොටන්න.

Tuesday, December 28, 2010

Do you like to learn JAVA ? keep ones hand in

පට්ට සිද්ධියක්

නිව්ටන්ට ගහක ගෙඩියක් වැටුනහම හිතුනෙ ගුරුත්වාකර්ශණය ගැන මට හිතුනෙ හෝදලා කන එක හොඳ පුරුද්දක් කියලා

අද බදාදා නම්

පළමුදා - ඉරිදා
පෙරේදා
- සඳුදා
ඊයේ
- අඟහරුවාදා
අද
- බදාදා
හෙට
- බ්‍රහස්පතින්දා
අනිද්දා
- සිකුරාදා
ඉන් අනිද්දා -
සෙනසුරාදා

Monday, December 27, 2010

jmonkey


















jmonkey කියන්නෙ Game Engine එකක්. අලුත් තාක්ෂණය භාවිතා කරලා 3D Games හදනඅයට තමයි මේක විශේෂයෙන්ම හදලා තියෙන්නෙ. මුලුමනින්ම වගේ java තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.මේක free and open source මෘදුකාංගයක්.මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙතන ඔබන්න.


jmonkey භාවිතා කරලා හදපු Game වල Demo ටිකක් තමයි මේ.






මෙතනින් බාගන්න.

සුපිරි තරුවක් වීමට නම්....

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනි....................
කැළැතුනු රසයක පැන ආ බුබුලක්
ඇකුරු වැළක් දෙහදක ලියවේ..............
‍යුගයෙන් යුගයට නොමියෙන දහනක
ගීයක පදනම මතුවෙද්දී........................
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැළි කැකුළක් මැළවෙද්දී...............
සියුමැළි කැකුළක් මැළවෙද්දී...............

මෙන්න URL එක බාගතකර ගන්න: download

The A-Team

මේක 2010 ජූනි 11 තිරගත වීම ඇරඹූ චිත්‍රපටයක්.
ඉරාක යුද්ධයේ නිරත වුණු සොල්දාදුවන් හතර දෙනෙක් වටා ගෙතුණු මෙම චිත්‍රපටය කුතුහලයෙන් යුතුව මුල සිටම නැරඹිය හැකියි.මෙතනින් බාගන්න.

Sunday, December 26, 2010

ලොව අඩුම පිරිසක් භාවිතා කරන භාෂාව

ලොව අඩුම පිරිසක් භාවිතා කරන භාෂාව ගැන ඔබ දන්නවාද? බුසූ(Busuu)නමින් හැඳින්වෙන මෙම භාෂාව භාවිතා කරනු ලබන්නේ අට දෙනෙකු පමණයි. කැමරූන්හි කුඩා ගෝත්‍රයක් ලෙස ඔවුන් වාසය කරයි. ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් මෙම භාෂාව වඳවී යාමේ තර්ජනයෙන් වලක්වා ගැනීමට කටයුතු කරයි.මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබටත් ඔවුන්ට සහයෝගය දැක්විය හැක.www.savebusuu.com



පෙරදා මැවූ සිනා.............

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නූ කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...........


මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගෙ සෙනේ මවෙතින් මිදී
ලතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නූ කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...........

මේ නීල තරු ගොල්ලේ
සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳ වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොලුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නූ කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා...........


මේ සින්දුව මෙතනින් බාගන්න.